ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම ගෙනාව සුපිරි සොෆ්ට්වෙයාර් එකක් මේකෙන් පුලුවන් Video එකක් GIF Animation එකකට Convert කරගන්න.
.මේක නොමිලේ දෙන කුඩා Soft එකක් මේකෙන් සුපිරියටම Convert කරගන්න පුලුවන් 


ඒකියන්නෙ මේ වගේ 
ඉතින් ඕන  කට්ටිය ඉන්නවනම්  බාගන්න 


මම http://www.helpworldlk.info  එකේ තියෙන පෝස්ට් එක ඒ විදියටම දාන්නම්  ඒකෙන් උපුටගෙන 
මං හිතන්නෙ helpworldlk එකේ ඇඩ්මින් මාත් එක්ක තරහ වෙන  එකක් නෑ :) 

භාවිතා කරන ආකාරය

මෙය ඔබට පහසු පියවර තුනකින් භාවිතා කිරීමට හැක. ප්‍රථමයෙන්ම ඔබට මෙය ක්‍රියාත්මක කල විට මුලින්ම දිස්වන වින්ඩෝව පහත දැක්වේ,

මෙහි ඇති Browse Video නම් බටන් එකෙන් ඔබට ඔබේ වීඩියෝව මෙයට Add කර ගැනීමට හැක. 

මෙහි From යනුවෙන් දැක්වෙන්නේ GIF එක ආරම්භ විය යුතු වෙලාවයි. සාමාන්‍යයෙන් මෙය Auto ම 00:00:00 අගය ගනී. ඒ අනුව වීඩියෝව මුල සිටම GIF එක සාදයි. To යනුවෙන් දක්වා ඇත්තේ අවසන් වන වේලාවයි. එය Auto ම හදුනා ගනී. Width හා Height යන තැන් වලට යෙදිය යුත්තේ GIF එකේ සයිස් එකයි. එයට ඔබට කැමති අගයන් ලබා දීමට හැක. Extract යනුවෙන් දක්වා ඇත්තේ තත්පරයට ධාවනය වන Frame Rate එකයි. ඉතාමත් ඉහළ ගණයේ GIF එකක් සාදා ගැනීමට මෙහි ඉහලම අගය ලබා දෙන්න. ඉන් පසුව Next Button එක ක්ලික් කරන්න.

ඉන් පසුව ඉහත ආකාරයේ වින්ඩෝවක් ඔබට ලැබෙනු ඇත. මෙහි Color Matching යන ස්ථානයෙන් ඔබට GIF එකේ කොලිටිය සැකසිය හැක. ඉන් පසුව Make GIF බටන් එක ක්ලික් කරන්න. ඉන් පසුව එන වින්ඩෝවේදී ඔබට කැමති නමක් ලබා දී GIF එක සේව් කර ගන්න.

~~~~~~~~මෙය www.helpworldlk.info වෙබ් අඩවියෙන් උපුට ගන්නා ලදී ~~~~~~~~~~~~~~~~






0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top